2025 ජූනි 17 වෙනිදා ජපුර රෝහලේ එදා මෙදාතුර සිද්ධවුන මිලේචතම සිදුවීම වාර්තාවුනා.ඒ ජපුරේ වගේම සමස්ථ රටේම ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක් විදිහට කීර්ති නාමයක් දිනාගෙන හිටපු මහේෂි විජේරත්න කිසිඳු දැනුම් දිමකින් තොරව ward round එකේදී අත්අඩංගුව අරගෙන මාංචු දමා රැගෙන යාමයි.මහේෂිට එල්ලවුන චෝදනා පදනම් කරගෙන දැවැන්ත සමාජ කම්පනයක් සිද්ධවුනා වගේම වෛද්‍යවරුන් සම්බන්ධව දැවැන්ත සමාජ වෛරයකුත් නිර්මාණය වුනා.
එදා රට නොදැනගෙන හිටියට ඇත්තටම එතන සිද්ධවුනේ රටට විශිෂ්ඨ සේවයක් කරපු ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් ඉතා මිලේඡ සහ නින්දා සහගත දේශපාලන පලිගැනීමකට ලක් කිරීමයි. යමෙකුට චෝදනාවක් එල්ලවුනාට පස්සේ ඒක අධිකරණය හමුවට ගෙනියන්න ඕනි නඩුකරයක් නං අනිවාර්යෙන්ම ඒක කරන්න ඕනි.හැබැයි අධිකරණය දක්වා ගෙනියන ගමන යුක්තී සහගත විදිහට වෙන්න ඕනි.රටේ රාළ දිගටම කියන්නේ මහේෂිට ඒ යුක්තිය ඉෂ්ඨ උනේ නෑ කියලයි.
මහේෂිගේ වෘත්තීය ජවිතය විනාශ කිරීම පිටිපස්සේ කණ්ඩායම් කීපයක් සහ උවමනාවන් කීපයක් තිබුණා.ඉන්දියානු බාල ඖෂධ මාෆියාව විසින් යටත් කරගත්ත පැලවත්තේ පරඬැල් නායකයෝ හිටියා.ඒ වගේම පැලවත්ත විසින් ජඩලත්කරණයට ලක්කරපු ජපුරේ පරිපාලනය එතන හිටියා.මේ දෙගොල්ලන්ගේම දේශපාලන සහ ආර්ථික උවමනාව වෙනුවෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමත් පාවිච්චි කරගත්තා. මහේෂි අත්අඩංගුවට ගත්ත ආකාරය අනුව මහේෂිගේ විතරක් නෙවෙයි ජපුරේ ඒ වෙනකොට ප්‍රතිකාර ලබමින් හිටිය රෝගීන් ගණනාවකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුනා.
එක රෝගියෙක් දැඩි සත්කාර ඒකකය ඇතුලේ මැරුණා.කවදා හරි ජපුරට යුක්තිය ඉෂ්ඨ වෙන දවසට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමටත් ඒ අත්අඩංගුවට ගැනීමේදී තිබුණ වගකිම් විරහිතභාවය ගැන වගකියන්න වෙනවා.නීතිය ඉදිරියේ ඔප්පු කිරීමකින් තොරව මහේෂිව මිනීමරුවෙකු විදිහට හංවඩු ගසන්න තරම් පහත් තැනකට මේ අශුද්ධ හවුල පත්වුනා.ඒ වගේම ජෙප්පෝ හදලා දෙන මතය උස්සගෙන ගිය බයි සමාජයේ නිරුවත් බවත් අපි දැක්කා.
මොලේ මැරීම ගැන විද්‍යාත්මකව හයක් හතරක් නොදන්නා පෙප්පෝ මහේෂි "මොලේ මැරුණ ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරමින් සල්ලි ගත්තා කියලා " මත වැපිරුවා.සල්ලිවලට මත හදන යූ ටියුබ්කාරයෝ විතරක් නෙවෙයි ජෙප්පන්ගෙන් ලකුණු දාගන්න කිසිම හිරිකිතක් නැතිව නිර්වස්ත්‍රව හැසිරෙන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනත් අපි දැක්කා.මහේෂිව උස්සලා පොලොවේ ගහන plan එක හදපු ජඩයන්ගේ උගත්කමේ සහ පවුල් පසුබිමේ තරම ජපුරේ අය හොඳට දන්නවා.
කුහකකමෙන්,වෛරයෙන්,ඊර්ෂ්‍යාවෙන් ඉස්මුරුත්ත වෙලා ඉන්න ජඩලත් ප්රමුඛ පැලවත්තේ නසරානිලා ඒ වෙනුවෙන් මාස ගණනා මහන්සි වෙලා තියනවා.අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් ඒ විදිහේ අන්තනෝමතික පියවරකට ගියේ පැලවත්තේ දේශපාලන හයියෙන් බව ඉතා පැහැදිලියි.පැලවත්තේ දේශපාලන උවමනාව ඉෂ්ඨ කරමින් මහේෂිව කොටු කිරීමේ මෙහෙයුම හරහා ජඩවත්ලත් වැඩ කීපයක්ම ගොඩදාගත්තා.එක ගලෙන් කුරුල්ලෝ කිහිප දෙනෙක්ම බිම දාගත්තා.
ජපුරේ මෙච්චර කල් ක්‍රියාත්මක උන phamaceutical යාන්ත්‍රණය සම්පුර්ණයෙන් කඩා කප්පල් කිරීමේ උවමනාව වෙනුවෙන් පැලවත්තේ ජඩයෝ මහේෂිව බිල්ලට දුන්නා.ජපුර act එක ගැන අනවබෝධයෙන් වගේ ජඩලත්ලා - බඩු මලු ධම්මිකලා - පතෝල තමරලා අභයන්තර චක්රලේබ නිකුත් කරමින් ඖෂධ prescribe කිරීමට වැට බැන්දා.හැබැයි කලට වෙලාවට තත්ත්වයෙන් උසස් ගුණාත්මක ඖෂධ රෝගියාට ලබාදීමේ යාන්ත්‍රණයක් හරියට ස්තාපිත නොකර වෛද්‍ය වෘත්තිකයන්ට අනිසි බලපෑම් කිරීමෙන් රෝගී සත්කාරය සේවය ඉතා අවධානම් තත්ත්වයක් දක්වා කඩා වැට්ටුනා.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍යය මූලික සාධකය වෙන බෙහෙත්වල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න අවශය රසායනාගර පහසුකම් තවමත් ලංකාවේ ස්තාපිත කරලා නෑ.ඒ වගේ තත්ත්වයක් යටතේ ඉන්දියානු බාල බෙහෙත් මාෆියාව පෝෂණය කිරීමේ මූලික අඩිතාලම ජෙප්පෝ දැම්මේ මහේෂි හිරගෙදර යවලා.මෙතනදී සිද්ධවුන ඉතාම අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් තියනවා.එකක් තමයි මහේෂි වෙනුවෙන් ජපුරේ කිසිඳු විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ gmoa එක පෙනී හිටියේ නෑ.
අනික මහේෂි නීතියෙන් වරදකරුවෙක් කියලා ඔප්පු කිරීමට ඉස්සෙල්ලා එයාව අල්ලස් හෝ දූෂණ විමර්ශණ නිලධාරීන් විසින් අමු අමුවේ ඉතා නිර්ලජ්ජීත විදිහට වරදකරුවෙක් විදිහට හංවඩු ගැහුවා.ජෙප්පෝ ගැලරිය චූන් කිරීමේ උපක්‍රමයක් විදිහට සහ ප්‍රභූත්වයට එරෙහිව සමාජ වෛරය පැතිරවීම වෙනුවෙන් මහේෂිගේ සිද්ධිය ඉතා සූක්ෂමව යොදාගත්තා.වෛද්‍ය සංහතියේම පලු අරිමින් සමාජ මාධ්‍ය හා සමාජ ජාලාවල ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පැතිරවපු ගෝත්‍රික වෛරී දේශපාලනයේ විෂබීජ තවමත් අළුයට ගින්දර වගේ අපේ සමාජ ඇතුලේ තියනවා.
මහේෂිගේ ප්රශ්නය පාවිචිචි කරගෙන මාලිමා ආණ්ඩුව ඉතාමත් නරක පූර්වාදර්ශක් සමාජයට දීලා තියනවා.වෘත්තිකයන් දඬයම් කිරීමේ ආරම්භ දඬයම විදිහට ආණ්ඩුව යොදාගත්තේ මහේෂිව. එදා ආණ්ඩුවේ ඒ වැඩේට දායකත්වය සපයපු සමහර ප්‍රසිද්ධ නීතීඥයින්ට පෝය කිහිපයක් යන්න ඉස්සෙල්ලා දිට්ට දම්මවේදනිය කර්ම පලදුන්නා වගේ වෙලා.ඒ තමන්ගේම සගයෙක් වන නිතිඥ බුද්ධික සහ එයා නීතිඥ බිරිඳ එකටම ඝාතනය කරලා.එදා සහ අද නීතිඥ සංගමයේ පරස්පර ප්‍රකාශ අරගෙන මහේෂි සහ ඝාතනය කරපු බුද්ධිකව සංසන්දනය කරන්න රටේ රාළ කැමතියි.
එදා දුමින්ද සිල්වා බලාගැනීමට වෛද්‍ය සදාචාර ධර්මත් එක්ක මහේෂි බැඳිලා හිටියා.දේශපාලන හේතුන් උඩ මගේෂි දුමින්දව ප්‍රතික්ෂේප කළේ නෑ. මහේෂිව දුමින්ද රෝගියෙක් විතරයි.ඒක අගය කරන්න ඕනි.පක්ෂ පාට බේදෙකින් තොරව සියලුම රෝගීන්ට නියමිත රෝගී සත්කාරය ලැබෙන්න ඕනි.හෙට අනුර දුමින්දගේ තත්ත්වය පත් උනත් රටේ රාළ ඉන්නේ ඒ ස්ථාවරයේ.මහේෂි ඒ අතින් නිර්භීත වෛද්‍යවරියක්,වගේම යකඩ ගැහැණියක්, තමන්ට ඉදිරියේදී දේශපාලනිකව මුහුණ දෙනාන වෙන තර්ජණ,ගර්ජණ ගැන ශත පහකට ගණන් ගන්නේ නැතිව මහේෂි දුමින්ද සිල්වාට ප්‍රතිකාර කළා.
බුද්ධික නීති සහය ලබා දුන්නේ පාතාලයටද නැද්ද කියන එක නෙවෙයි මෙතන තියන ප්රශ්නය.හැම පුරවැසියෙක්ම නීතිය ඉදිරියේ සර්ව සමයි නම් නීතියේ සහය එක විදිහටම ලබාගැනීමේ අයිතිය තහවුරු වෙන්න ඕනි.ඒ අනුව බුද්ධිකට පාතාල හංවඩු ගැසීම වැරදියි.එදා නීතිය ඉදිරියේ මහේෂි වරදකරු නොවී හිරේට යන්නේ ඉතිහාසයේ තවත් කළු පැල්ලමක් සටහන් කරමින්.දවසක ජපුර act එක ඒක ඔප්පු කරලා පෙන්නයි.මේ සිද්ධීන් දෙකේදී බුද්ධිකගේ නීතිඥ සගයන් සහ මහේෂිගේ වෛද්‍ය මිතුරන්ගේ හැසිරීම රටේ රාළ කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.
- රටේ රාළ -
Lanka Newsweek © 2026